සම්ප‍්‍රදායන්, සිරිත් විරිත් ආකල්ප බුද්ධිමත් ලෙස ප‍්‍රශ්ණ කිරීම

Photo by Sachini Perera

Photo by Sachini Perera

රසිකා දීපානි

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය මගින් සියළුම මානවයන් සමාන යැයි ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 1978 ටේ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ද මෙය තහවුරු කර තිබෙනවා. උපතේදී ජීව විද්‍යාත්මකව සිදුවන ලිංගික වෙනස හැරණු විට පිරිමියා හා කාන්තාව අතර වෙනසක් ගැන කතා කිරීම යුක්ති සහගත නැහැ. එ් වුනත් අප දන්නා පරිදි තවමත් ලංකාව ඇතුළු බොහෝමයක් රටවල පිරිමියාට සාපේක්‍ෂව ගැහැණු ළමුන්ට හා කාන්තාවන්ට හිමිවෙලා තියෙන්නේ දෙවෙනි තැනක්.
අපේ සමාජය තුළ මුල් බැසගෙන තියෙන සමහර ආකල්ප, සම්ප‍්‍රදායන්, සිරිත් විරිත් ආදිය හින්දා කාන්තාවට අවාසිදායක තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ නිසාම ගැහැණු ළමුන් හා කාන්තාවන් සමාජය තුළ වෙනස්කොට සැලකීම් වලට, ප‍්‍රචණ්ඩත්වයට හා නොයෙකුත් ලිංගික අතවර වලට මුහුණ පානවා.
මෙයින් හානියක් වෙන්නේ එ්වාට මුහුණ දෙන කාන්තාවන්ට පමණක් නොවෙයි. මෙම හානිය මුළු පවුලටම, සමාජයටම එ් වගේම මුළු රටටම බලපානවා. එහෙම නම් ප‍්‍රචණ්ඩත්වයෙන්, වෙනස්කම් කිරීමෙන්, තොර සමාන අයිතිවාසිකම් වරප‍්‍රසාද භුක්ති විදින ආදර්ශමත් සමාජයක් බිහිකිරීමට අප අදිටන් කරගත යුතු නොවේද?
එ් සඳහා මෙවැනි වෙනස්කම් කිරීම් ඇති කිරීමට හේතු වුනු සම්ප‍්‍රදායන්, සිරිත් විරිත් ආකල්ප අප විසින්ම නැවත බුද්ධිමත් ලෙස ප‍්‍රශ්ණ කිරීමට ලක් කල යුතු නොවේ ද?

Leave a comment