දූෂණය කර මරා දැමූ චමිලාට සාධාරණය ඉටු කෙරේ..

chamila-disanayaka

 

නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ චමිලා දිසානායක නම් තරුණිය දූෂණය කර මරා දැමීමේ සිදුවීම සම්බන්ධව සැකකරු වූ වෛද්‍ය බාලගේ ඉන්දික සුදර්ශන හට ඊයේ දින (03/09/2014) මිගමුව මහාධිකරණ විනිසුරු එම්.ඒ.ගෆූර් මහතා විසින් දඬුවම් නියම කරන ලදි. මෙහිදී ප්‍රධාන වශයෙන් චෝදනා ගොනු කරනු ලැබුවේ ස්ත්‍රී දූෂණය හා මිනිමැරිම යටතේය. ඒ අනුව ස්ත්‍රී දූෂණය සඳහා වසර 15 සිර දඬුවමක් හා මුදලින් රුපියල් දස දහසක දඩයක් ද මිනිමැරිමේ චෝදනාව යටතේ මරණ දඬුවම නියම කරන ලදි. 2007 වසරේ නොවැම්බර් 12 වනදා ප්‍රතිකාර ගැනීම සඳහා මීගමුව රෝහලට ගිය ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නාය. වසර 07 කට ආසන්න කාලයක් පුරා චමිලාට සාධාරණය ඉටු කිරීම සඳහා ස්ත්‍රී මධ්‍යස්ථානය, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය මූලිකත්වයෙන් අනෙක් සංවිධාන ද කටයුතු කරන ලදි.

 

Chamila Thushari blogs at Dabindu

Leave a comment