සිපර් මෑන්ලාට එරෙහිව

protest-against-zipper-man-5

`සිපර් මෑන් මේ අහපන්
පෙන්නුවොතින් හිරේ තමයි…`

කුඩා දරුවන්ගේ පටන් මහළු අය දක්වා මාධ්‍ය මෙන්ම චිත්‍රපට හරහා අසා ඇත්තේ ස්පයිඩර් මෑන්, බැට් මෑන්, සුපර් මෑන් ගැනයි. ඒත් කවුද මේ `සිපර් මෑන්`? අප නොදන්නා, තවමත් තිරගත නොවූ චිත්‍රපටයක් නම් නොවේ මෙය. නිදහස් වෙළඳ කලාපයේ කම්කරු සේවිකාවන් සේවය කරන ප්‍රදේශ අවට, බෝඩිම් අවට වීදි දෙපස සිටගෙන තම ලිංගික අවයවයන් ප්‍රදර්ශනය කරමින් සැරිසරන මෑන් `සිපර් මෑන්` බව දැන් කාටත් නොරහසකි. නිදහස් වෙළඳ කලාපයේ පමණක් නොව ලංකාව පුරා වීදිවල, බස්රථ තුළ, දුම්රිය තුළ ද දැන් සිපර් මෑන්ලා වැහිවැහැලා ඇත.

විවෘත ආර්ථීකයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ නිදහස් වෙළඳ කලාප අවට සේවය කරන සේවිකාවන් ඉලක්කර කරගනිමින් ඔවුන් ඩැහැගැනීමට කුරුමානම් ඇල්ලු, උප්පරවැට්ටි යෙදූ සමහර අසත් පුරුෂයින් එදා මෙන් අදත් සිටී. මෙම කම්කරු ස්ත්‍රීන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර, ප්‍රචණ්ඩ ක්‍රියා, ලිංගික බලහත්කාරකම් දිවා රාත්‍රී වෙනසකින් තොරව සිදුවන අතර ඒවා දිනෙන් දින වර්ධනය වනවා මිස අඩුවීමක් නම් දක්නට නැත. මෙම කම්කරු සේවිකාවන්ට රාත්‍රී වැඩමුරය අවසන් කර බෝඩිම් වෙත පැමිණෙන වීදි දෙපස විශේෂයෙන්ම කටුනායක අවට වෙළබඩ පාර, ඇවරිවත්ත, කෝවින්න, 18 කණුව පාර යන ප්‍රදේශ අවට සිපර් මෑන්ලා බහුලව සැරිසරන බවට සඳහන් වේ. වීදි දෙපස රඳවා තිඛෙන රාත්‍රී විදුලි බුබුළු උවමනාවෙන් ගල්ගසා කඩා දමන මොවුන් ස්ත්‍රීන්ට තිත්ත අඳුරේ ගමන් කිරීමට සලස්වා තම ආශාවන් සන්සිඳවා ගැනීමට රාත්‍රිය තෝතැන්නක් කරගෙන සිටී. එපමණක් නොව මෙවැනි ක්‍රියාවන් හි අවසන් ප්‍රතිඵලය ලෙස පැහැරගෙන යාම්, ලිංගික බලහත්කාරයට ලක්කිරීම් සහ මරාදැමීම් දක්වා වර්ධනය වීමට ඉඩ හැර අප නිහඞව බලා සිටිය යුතු ද?

අතවරයට ගොදුරු වන අයගේ කැමැත්තකින්, පෙළඹවීමකින් හා පිළිගැනීමකින් තොරව අසාධාරණ සහ අහිතකර ලෙස සිදුකරනු ලබන ලිංගික ස්වභාවය රැගත් බලපෑමක් ලිංගික හිංසනය යනුවෙන් හැඳින්වෙන අතර මෙය ශාරීරිකව, වාචිකව හා දෘෂ්‍ය වශයෙන් සිදුකරනු ලබන සාපරාධී වරදකී. 1995 අංක 22 පනතින් සංශෝධනය වූ ශී්‍ර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තිය අනුව ලිංගික හිංසනය වසර 5 ක් දක්වා සිරදඞුවම් ලැබිය හැකි අපරාධ වරදක් වන අතර දඩයකින් හෝ දඞුවම් කළ යුතු බව සඳහන් වේ. එපමණක් නොව අතවරයට ලක්වූ තැනැත්තියට වන්දි මුදලක් ද ලබාගත හැකිය.

protest-against-zipper-man-4

ප රටේ උත්තරීතර නීතිය වන ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 – ඌ වගන්තිය යටතේ ලාංකීය පුරවැසියෙකු හට ශ්‍රී ලංකාව තුළ යාමේ එAමේ නිදහස සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස ඇත. තත්ත්වය එසේ තිබිය දී පාරතොටේ තනිවම ගමන් කිරීමට නිදහස හෝ හැකියාව නැත්තේ මේ රටේ ස්ත්‍රීන්ට මිස පුරුෂයින්ට නොවන බව අප කවුරුත් හොඳාකාරවම දන්නා කරුණකි. මේ ප්‍රශ්නය දෙස අප ගැඹුරින් ගවේශණය කිරීමේ දී වැඩියෙන් අතවරයන්ට ලක්වන්නේ ස්ත්‍රීන් ද පුරුෂයින් දැයි බලන කළ සන්සන්දනාත්මකව නිවසේ, පාසැලේ, වැඩපලේ, බස්රියේ, දුම්රියේ, බෝඩිමේ, මහමඟ වේවා ලිංගික අතවරයන්ට බහුලව ලක්වන්නේ ස්ත්‍රීන් මය. කෙසේ වෙතත්, මේ පිළිබඳව පැමිණිලි කිරීමේ දී පොලිසිය විසින් හෝ සමාජයේ අන් අය විසින් අතවරයක් සිදුවන අවස්ථාවලදී දක්වන ප්‍රතිචාර නම් ඉතාමත් කණගාටුදායකය. සිපර්මෑන් උවදුර දුරු කිරීමට කොතෙකුත් පැමිණිලි පොලිසිය වෙත කරනු ලැබුව ද එකඳු සිපර්මෑන් කෙනෙකුවත් නීතියේ රැහැනට හසුකරගත නොහැකිවීම කණගාටුවට කරුණකි.

එසේ නම් මේ සම්බන්ධයෙන් දැඩි පියවර නොගන්නේ මන්ද? මෙය තුරන් කිරීම සහ නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් ද බලධාරීන්ගේ වගකීමක් ද නැතිනම් මෙය සමාජ ප්‍රශ්නයක් ද යන්න අද අප හමුවේ ඇති විශාල ගැටලූවකි.

ඉන්දියාවේ බස්රථයක දී, දුම්රියක දී හෝ ඕනෑම ස්ථානයක දී ස්ත්‍රියක් ලිංගික අතවරයට ලක්වන විට එයට එරෙහිවන ස්ත්‍රිය අවට මගීන්ගේ ද සහය ඇතිව ලිංගික අතවර කරන්නන්ට ගුටිබැට දී බසරථයෙන් පලවා හරී. එසේත් නැතිනම් රියදුරු හා කොන්දොස්තරගේ සහාය ඇතිව අදාළ පුද්ගලයා පොලිසිය වෙත බාරදෙයි. නමුත් ලංකාවේ තත්ත්වය එසේද? ස්ත්‍රිය බස් ථයක් තුළ ලිංගික අතවරයට ලක්කොට මරාදැමුව ද එය නොදුටු අන්ධයින් සේ නිහ~ව ගමන් කරන පුද්ගලයින් අප කොතෙක් දැක ඇත්ද? එබැවින් මෙය සමාජ ප්‍රශ්නයක් බව අපට නොහැෙඟ්ද?

මාර්තු 8 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය මෙරට සුවිශේෂී ලෙස විවිධ අයුරින් සමරනු ලබයි. නමුත් ස්ත්‍රී දිනය යනු කුමක්ද, වසරකට වරක් මෙය ජත්‍යන්තර දිනයක් ලෙස මතක් කරදීම සහ එය සැමරීමේ අවශ්‍යතාවය කුමක්දැයි දන්නේ අතළොස්සක් පමණී. ඒ වගේම පසුගිය දිනවල ජත්‍යන්තර ස්ත්‍රී දිනය තේමා කරගනිමින් පැවති රූපවාහිනී සංවාද හරහා සහ අනෙකුත් මාධ්‍ය හරහා ස්ත්‍රී දිනය ගැන අදහස් පළ වූයේ ස්ත්‍රීන් පිළිබඳ වැරදි මතයන් උලූප්පා දක්වන කරුණු ඔස්සේය, තවදුරටත් ඍණ ආකල්පවලට තුඩු දෙන අයුරින්ය, ස්ත්‍රී දිනයට කිසිදු වැදගත්කමක් නොදෙමින් ය. නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන කම්කරු සහෝදරියන් අත් විඳින මෙම අතවර හා පීඩනයට එරෙහිව ජත්‍යන්තර ස්ත්‍රී දිනය නිමිත්තෙන් වෙනස්වූ ක්‍රියාකාරකමක් කිරීමට ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය මෙවර කටයුතු සැලසුම් කර තිබුණි. කාන්තා සංවිධාන සහ බහුජන සංවිධාන 28 කින් සහ පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් ලක්බිමේ මව්වරු සහ දිprotest-against-zipper-man-3යණියෝ සංවිධානය “ස්ත්‍රීන්ට මහමඟ සුරක‍ෂිතව ගමන් කිරීමේ අයිතිය තහවුරු කරමු˜ යන තේමාව යටතේ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබුණි.

“පාර තොටේ බැහැල යන්න
ගැහැණුන් හට ඉඩක් දෙන්න

සොයුරියනේ මේ අහන්න
ඔඛෙ ශක්තිය හඳුන ගන්න
ඔබේ නිහ~ බව බිඳින්න
එඩිතරවී පෙරට එන්න˜

 

සටන් පාඨ, වීදි නාට්‍ය, පන්දම් එළි සහ වාදක කණ්ඩායම්, සංස්කෘතික අංග, පා ගමන වඩාත් ඔප නැංවීමට සහ වීදි දෙපස නරඹන්නන්ගේ සිත් තුළට කාවදින අයුරින් කම්කරු ස්ත්‍රීන් මුහුණ දෙන ගැටළු ඉදිරිපත් කිරීමට සමත් වීය. එම කාන්තා දින සැමරුම සාර්ථක සැමරුමක් යැයි සඳහන් කළ යුතුම ය. —අන්ධකාරය හෝ රාත්‍රිය ස්ත්‍රීන්ට අතවර කිරීමට නොව, නිදහසේ ගමන් කිරීමට ස්ත්‍රීන්ට ද අයිතියක් ඇති බව සංකේතවත් කරමින් පන්දම් එළි දැල්වීම සිදුකෙරිනි. ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශයේ ලේකම්වරිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මියගේ සුභාශිංසනයෙන් වැඩසටහන ආරම්භ විය. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සහෝදරියන්ගේ දායකත්වය ඇතිව කුරුණෑගල, කොග්ගල, පානදුර, වවුනියාව, ගාල්ල, වැනි දුරබැහැර ප්‍රදේශවලින් සහ කොළඹින් 1000 ක පමණ පිරිසක් මෙයට සහභාගි වී සිටියහ. විශේෂයෙන් ම නිදහස් වෙළඳ කලාප අවට කම්කරු සේවිකාවන්ගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන ජා-ඇල පිහිටි ඩාබිඳු සාමූහිකය සහ ඒකල `ස්ත්‍රී මධ්‍යස්ථානය` මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා විශේෂ වෙහෙසක් ලක්බිමේ මව්වරු සහ දියණියෝ වෙනුවෙන් දැරූහ. පැමිණ සිටි සහභාගිකයෝ මෙම ස්ත්‍රීන්ට සිදුවන ලිංගික අතවර කරන පුද්ගලයින්ට දැඩි විරෝධය සහ පිළිකුළ ප්‍රකාශ කළහ. ස්ත්‍රීන් මහ මග සුරක‍ෂිතව ගමන් කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස වගකිව යුතු ආයතන සහ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියහ.

තවද, මෙම ස්ත්‍රීන්ට ගෞරවනීය ලෙස ලිංගික අතවරවලින් තොරව තම රැකියාව කරගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස අවධාරණය කළ අතර වගකිව යුතු ආයතනය විසින් මින් ඉදිරියේ දී එම ආරක‍ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. පස්වරු 6.00 ට කටුනායක ඇවරිවත්ත පොළ අසල දී ආරම්භ කළ මෙම පාගමන අවසන් වූයේ කටුනායක කම්කරු ස්ත්‍රී නිවහනේදී රාත්‍රී 10.00 පමණය.

protest-against-zipper-man-2

වෙළඳ කලාපයේ ස්ත්‍රීන්ට පමණක් නොව සර්ව ලාංකීය ස්ත්‍රී පරපුරටම ලිංගික අතවරවලින් තොරව නිදහසේ ගමන් කිරීමේ හැකියාව තිබිය යුතුය. එසේ නම් මෙම උවදුර දුරු කිරීමට අප සැම කළ යුතුව ඇත්තේ මෙයයි. ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමට විධිමත් පියවර වගකිව යුතු ආයතනන හා ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කළ යුතුව ඇත. ලිංගික අතවර කරන පුරුෂයින් අත් අඩංගුවට ගැනීමට මීට වඩා විධිමත් ලෙස සිවිල් පිට හෝ අත්අඩංගුවට ගැනීමේ වැඩ පිළිවෙලක් ආරක‍ෂක අංශවලින් කි්‍රයාත්මක කළ යුතුව ඇත. ලිංගික හිංසනය පිළිබඳ ජනතාව නිතරන්තරයෙන් දැනුවත් කිරීම සහ ඒවා කෙටිකාලීනව අමතක වී යාම වැළැක්විය යුතුය. මෙම උවදුරු දුරුකිරීම තනිවම කළ නොහැක්කක් වන හෙයින් සියල්ලන්ගේම සහයෝගය ඇතිව එය අපේ සමාජයෙන් තුරන් කිරීමට කටයුතු කළ යුත්තේ එය තමාට, මවට, බිරිඳට මෙන්ම තම සොහොයුරියට ද සිදුවිය හැකි බව සිහි තබාගෙන ය. අතීතයේ පටන් අද දක්වාම මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා, හිංසන, පීඩා, ස්ත්‍රීන්ට විඳීමට සිදුවන්නේ අදාළ පාර්ශව සහ සමාජය විසින් මේ ප්‍රශ්නය එතරම් බරපතල ප්‍රශ්නයක් කර නොගැනීම සහ වගකීම පැහැර හැරීම නිසාවෙනි.

මෙරට ආරථීකයට වැඩියෙන් උරදෙන, විදේශ විනිමය ලබාදී රට සංවර්ධනය කරවන නිදහස් වෙළඳ කලාපයේ කම්කරු ස්ත්‍රීන්ට වේවා සංක්‍රමණික සේවක ස්ත්‍රීන්ට වේවා සමස්ත ස්ත‍්‍රී පරපුරේ අයිතීන් ආරක‍ෂා කිරීම මුළු මහත් ලාංකිකයන්ගේ ම බරපතල වගකීමකි.

වේලායුදන් ජයචිත්‍රා
(ඇය සඟරාවේ 2006 – පළමු කලාපයෙනි)

 

Chithra blogs at battlinglives.wordpress.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s