ලිංගික අධ්‍යාපනය තාමත් එපා ද?

sex2

 

මේ ගැන ලියන්නහිටියෙ හුඟ දොහකටකලින්, ඒත් අදටවැඩිය හෙටහොඳවෙයි කියලයටිහිත නිතරෝමකියන නිසා නොලිය, නොලිය හිටියත් තව දුරටත් එසේ ඉන්න පුළුවන්කමක් නෑ. මම මේ කතා කරන්නෙ අපේ දරුවො ගැන. රටේ දරුවොගැන, එහෙම නැත්නම් මම කැමතියි කියන්න මගෙ සොහොයුරියන් ගැනයිමම මේ කතාව කියන්නෙ කියලා.

අතීතයේ නම් අපි දන්නව ප්රේමවතී මනම්පේරිලා ගැන, මතුගම සමන්කුමාරලා අහන්න ලැබුණෙ හාවා හද දකිනව වගේ කලාතුරකින් කියල. ඒවුණත් අද තත්ත්වෙ ඊට හාත්පසින් වෙනස්. අපි නිකං මූනිච්චාවට කතාකරන්න ඕනි නෑ. කෙලින් කතා කළොත් ඔබත් මාත් දන්නවා වාර්තා වීමකෙසේ වෙතත් ස්ත්රී දූෂණවත් ළමා අපචාරවත් මේ ධර්මද්වීපයේ අඩුවක්නැතිව සිදුවෙනවා කියලා. අලුත්ම තත්ත්වය ළමා මවුවරු. කවුද මේවටවගකියන්නෙ? කවුද මේවට වගකිව යුත්තෙ? මහ විශාල ප්රශ්න දෙකක් අපිඉස්සරහ තියෙනවා.

මට හිතෙන හැටියට මේ හැම දේටම වග කියාගන්න ඕනේ අපි, අම්මලා,තාත්තලා, සහෝදර සහෝදරියො, ගුරු දෙගුරු හැමෝම මේ තත්ත්වයට වගකිව යුතුයි. අපි කාටවත් මේ තත්ත්වය මඟ ඇරලා අනේ අපි දන්නෙ නෑකියල ඈත් වෙන්න බෑ. අපි දන්නවා ලිංගික හා ප්රජනක සෞඛ්ය ගැනඅපේ දරුවන්ට තියෙන්නෙ අවම අධ්යාපනයක්. වැඩිවියට පත් දැරිවියකටතමන්ගේ ශාරීරික වෙනස්කම් ගැන මනා අවබෝධයක් ගුරු දෙගුරුන්ගෙන්ගෙන් ලැබෙන්නේ නෑ. අතීතයේ මල්වර වන දියණියකට ඇගේ ශරීරසෞඛ්ය ගැන හැසිරිය යුතු ආකාරය ගැන පවුලේ වැඩිහිටි ගැහැනු උදවියගෙන් ගුරුහරුකම් රාශියක් ලැබුණා. සමාජයට ඇය රැකබලාගතයුතු ගරුකටයුතු කාන්තාවක් කියන පණිවිඩේ ලැබුණා. ආච්චි අම්මලා, ලොකුඅම්මලා, සමාජයේ හැසිරිය යුතු අයුරු කියාදුන්නා. වර්තමානයේ දියණියකවැඩිවිය පැමීණීම පෞද්ගලිකත්වය තුළ ආරක්ෂා කෙරුණත් සමාජීයජීවිතය තුළ, සමාජිය විනය පවත්වාගෙන යාම පිළිබඳ සමාජානුයෝජනයනිසි පරිදි සිදුවෙනවාද කියන දේ, බරපතළ ගැටලුවක් බවට පත්වෙලාතියෙනවා කියන ඒක අපි අපිටම ඒත්තු ගන්වා ගන්න වෙලා.

පුරවැසියන් ලෙස අප මේ සම්බන්ධව කළයුත්තේ කුමක්ද? ක්රියාත්මක වියයුත්තේ කොතනින්ද යන්නට පිළිතුරු සොයා ගත යුතුයි. ඊට පිළිතුරුසොයාගත යුත්තේ කෙසේද? උදවු ඉල්ලා සිටින්නේකාගෙන්ද? ක්රියාත්මක වීම සිදු කරන්නේ කොතනින්ද?
ගැටලුව නොදන්නාකම නම්, පිළිතුර දැනුවත් කිරීම නම්, තව දුරටත් අපිඇස් කන් පියා සිටින්නේ ඇයි? දරුවන් දැනුවත් කළ යුතු වන්නේ ගුරුන්දෙගුරුන් හරහා නම් ඒ පිළිබඳ අවබෝධයක් ගුරු දෙගුරුන්ට ලබාදීමයීයුගයේ අත්යාවශ්යම කාරණය වන්නේ. ඒ සදහා පෙර පාසල්ගුරුවරුන්ගේ සිට මවුපියන් දක්වා දැනුම ගලා යා යුතු යාන්ත්රණයක්ගොඩනැඟිය යුතුයි. තව දුරටත් තම තමන්ගේ පහසුව ගැන සිතා තම දූදරුවන් අධි ආරක්ෂිත කලාප වශයෙන් සැලකිය හැකි තම නිවෙස් තුළ වුවඅනාරක්ෂිත අනාථයන් නොකිරීමට වැඩිහිටියන් සවිඥානිකව දැනුවත් කළයුතුයි.

එය ඒ ආකාරයෙන් ඉටු කිරීමට ගුරු දෙගුරුන්ව දැනුම්වත් කිරීමේ,ව්යායාමය ඇරඹිය යුත්තේ පාසලින් පමණක් නොවේ. සෞඛ්යකේෂත්රෙයේ මැදිහත්වීමත් ඒ සඳහා අත්තවශ්යමයි.දරුවන් ඇසුරේ ඇතිවන නොදැනුවත්කමෙන්, තම ආරක්ෂාව සලසාගත නොහැකීවීම නිසාත්,නිසි රැකවරණයක් සෙනෙහසක් නොලැබීම නිසාත් අසරණව අනාථවජීවිතය වරදවා ගන්නා දූ දරුවන් ගේ අවසානයේ යොමු කෙරෙන්නේවෛද්ය වෘත්තිකයන් වෙතයි. ඒ අනුව ළමා අපයෝජන පිළිබඳ ව, ළමාමවුවරුන් පිළිබඳ ව, මානසික අසමතුලිතතාවන්ට ගොදුරව උපදේශනප්රතිකාර ලබාගත යුතු දු දරුවන් ගේ ගැටලු පිළිබඳ ව , එහි හේතුඵලසම්බන්ධතා පිළිබඳ සෑබෑ අත්දැකීම් සම්භාරය ඒකරාශි වන්නේවිශේෂයෙන් මනෝ විද්යාඥයන් සහ ප්රජනක හා නාරීවේදය පිළිබඳවෛද්යවරුන් වෙතයි.

එදිනෙදා වෘත්තීය ජීවිතයේ මුණ ගැසෙන දරුවන්, මුහුණ දෙන ගැටලු සහ,ඉන් මිදීම සඳහා දරුවන් දැනුම්වත්කළ යුතු කරුණු කාරණා ගැනසමාජයීය මඟපෙන්වීමක් කළ හැකි ප්රමුඛයන්, ප්රජනක හා ලිංගිකසෞඛ්ය පිළිබඳ ව සමාජයීය දැනුම්වත්භාවය ඇතිකිරීමේ පුරෝගාමී මඟපෙන්වන්නන්, සම්පත් දායකයන් අප සොයා ගත යුත්තේ සෞඛ්යකේෂත්රයෙන් යයි මා පවසන්නේ ඉහත හේතු සාධක පදනම් කරගෙනයි.

තව දුටත් වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා, නිවැරදි දැනුම ලබා නොදීමනිසා, දරුවන් අපයෝජනයට ලක්වීම, ඝාතනය වීම වළක්වා ගැනීමට නීතීරීති සම්පාදනය කරනවාට වඩා. අනෙකාට ඇඟිල්ල දිගු කරනවාට වඩාවිද්යාත්මක සන්දර්භයක් තුළ දරුවන් දැනුම්වත් කිරීමේ කාර්යයසාධනයත් ඇතිවිය යුතුයි.

ඊට සෞඛ්ය අධ්යාපන කාර්යංශයේ ප්රජනක හා ලිංගික සෞඛ්ය පිළිබඳඒකකයේ අදාළ විෂය පිළිබඳ මනා දැනුමක් අවබෝධයක් ඇතිවෙද්යවරුන්ගේ අදහස් උදහස් හා යෝජනාවන් ද ඔවුන්ගේ අත්දැකීම් දසමාජීය දැනුම්වත්භාවයක් උදෙසා සමාජීය කතිකාවතකට එක්කර ගැනීමපිළිබඳ ව ජාතික ප්රතිපත්තියක් සකසා ගත යුතුයි. ඒ සඳහා බලධරයන්ගේඇස් විවර නොවන්නේ නම්, එක් පාසලක , හෝ පළාතක සිසුවියන් 43දෙනෙක් පමණක් නොව වැඩිවිය පැමිණුන සිසු දැරියන් සියල්ලන් ම වුවළමා මවුවරුන් වීමේ අවධානම අප බාරගත යුතු වෙමු.
රටක දරුවන්නේ නැණස පෑදීම ගුරුදෙගුරුන් සතු වගකීමකී. එසේ දරුවන්දැනුම්වත් කිරීම උදෙසා වැඩිහිටියන් දැනුම්වත් කිරීම ආරම්භය කෙසේසිදුවිය යුතුදැයි මා ඔබෙන් විමසමි. රජයක්, පාසලක් අධ්යාපනඅමාත්යංශය එය ඉටුකළ යුතුයැයි අදහාගෙන සිටීම කෙතරම් නම්ස්ථානෝචිතදැයි මා ඔබෙන් විමසමි. අප තනි තනිව හෝ වැඩ පටන්ගත්යුතුව තිබේ. ඔබේ, ගමේ පාසලේ, පන්සලේ රැකියා ස්ථානයේ මාසිකහමුව, දැනුම්වත් කිරීමේ සම්මන්ත්රණයක් කරගත හැකි නම්, ඔබට මහජනදේශනයක් සුදානම් කරගත හැකි නම් එය වර්තමානය තුළ රෝගීසායනයක්, ලේ දන්දීමේ කඳවුරක්, සුහද හමුවක් පවත්වනවාට වඩා වැඩිවැදගත් කමක් ගනු ඇතැයි ඉඳුරා පවසමි.

හෙට දින විනාශ වන, මිලින වන මල් කැකුල, ඔබේ විය හැකියි. මගේවිය හැකියි. ඒ අපරාධකරුවන්ට මරණිය දඬුවම දෙන්න යයි ඉල්ලාසිටිනවාට වඩා එවන් තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම පිණිස අපේ දරුවන්ආරක්ෂා කර ගැනීම උදෙසා තනි තනිව හෝ සාමුහිකව හෝ ක්රියාත්මකවන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිමි. සෞඛ්ය අමාත්යංශයේ වගකිවයුත්තන්ගේ අවධානය පිණිසත්, පුරවැසියන්ගේ දැනුම්වත් භාවය පිණිසත්ය.

Sanjeewika blogs at lihinisara.blogspot.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s